හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Friday, March 2, 2012

හිතට නිකං මොකක්ද වුණු දවසක් ...



අපේ ජිවිත හරි අමුතුයි ... සමහර දේවල් අපිට අප්‍රසන්නයි...සමහරකට අපි හරි ආසයි...තව දේවල් වලට අපි හරි පෙරේතයි...


හැබැයි මේක මට සාපේක්ෂව ටිකක් අමුතු කතාවක්...
මේ කෙල්ල අපේ බැන්ක් 1කේ කස්ටමර් කෙනෙක් මෙයා වැඩිපුරම බැන්ක් එන්නේ එයාගේ තාත්ත රට ඉදන් එවන සල්ලි withdraw කරන් යන්න.කෙල්ල හරි හැඩ කාරියක් කියන්න ඔන නැතිව ඇති නැතිනම් කොල්ලෙක් මෙහෙම විශෙෂ කරල කතා කරන්නේ නැහැ නේ...


පුරැද්දක් විදියට මම බැන්ක් එන කෙල්ලො දිහා නරක විදියට බලන්නෙ නැහැ..බොහොම සාමාන්‍ය විදියට තමයි සලකන්නේ.


මගේ කිසිම ෆිල් 1ක් මේ කෙල්ල ගැන තිබුණෙ නැහැ . හැබැයි අපේ බැන්ක් එකේ හිටියා මිස් කෙනෙක් මෙ අක්ක තමයි එක එක දේවල් කියල මාව මේ කෙල්ල ගැන ටිකක් විතර ඇල්මක් ඇති කරේ..ඒ වුණත් මේ කෙල්ල ගැන මගේ අති විශේෂ ඇල්මක් නම් තිබුනෙ නැහැ...නිකං අර කෙල්ල දැක්කම හදවත කිති කැවෙන ගතියක් කිව්වොත් හරි..


ඔහොම කාලයක් ගියා... අද වගේ දවසක ( 2/3/2012) මේ කෙල්ල බැන්ක් එකට ආවා තනියම නෙවෙයි එයාගෙ තාත්තත් එක්ක.කෙල්ලට අළුත් නවින පන්නේ ස්මාට් ෆොන් එකක් එහෙම ගෙනත් දිලා ..කෙල්ල අපිට පේන්නද කොහෙද ඒකෙන් කෝල් එකක් එහෙමත් ගත්ත මට නම් ස්මාට් ෆොන් එකක් නැහැ මගේ මොබයිල් 1ට පුළුවන් කොල්ස් ගන්නයි මෙසේජස් යවන්නයි විතරයි.ඒක ෆින්ලන්ඩ් හදපු ඔරිජිනල් නොකියා ....1100 ෆොන් එකක්.... කතාවෙන් පිට පැන්න සොරි ආ..

සාමාන්‍යෙයෙන් ෆොරින් රෙමිටන්ස් withdraw කරගන්න විනාඩි 5ක් විතර යනවා... ඔය අතරේ ඉතින් පොඩි ටොකින් පාරක් දාල තියෙනවා අපේ customer care මිස්.


මේ වෙලාවෙ තමයි කෙල්ලගෙ තාත්තා දුවගෙ වෙඩින් එක ගැන කියල තියෙන්නෙ.. මට ඉතින් පස්සෙ අපේ මිස් මේ සින් එක කිව්වා.


මේක කිව්ව වෙලාවෙ ඉදන් මගේ හිතට මොකක්ද වගේ අනේ මං දන්නේ නැහැ...නිකන් හදවත සිතල වෙලා යන දුකක් වගේ එකක්...ඒක මට කියන්න තේරෙන්නේ නැහැ...


මේක මනුස්ස හිතේ හැටි වෙන්න ඇති මිනිස්සු ලස්සන දේවල් වලට ආස කරනවා...ඒ ආශාව නිසා ඇතිවුණු දුකක් කියල මම තේරැම් ගන්න උත්සාහ කරනවා...


අතීත ගෙත්තම්