හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Thursday, February 14, 2013

ආදරය

පෙම්වතුන් දෙදෙනෙක් නිදහස් තැනක එකිනෙකාට තුරුල් වී ආදරෙන් ඉන්න මොහොතක පෙම්වතා පෙම්වතියගෙ කම්මුලක් සිපගෙන කියනවා... මම ඔයාට ගොඩක් ආදරෙයි....

  පෙම්වතිය : නෑ මම හිතන්නෙ නෑ ඔයා මට ආදරෙයි කියලා.... මට හිතන්නෙ ඔයාගෙ හිතේ මං ගැන තියෙන්නෙ කැමැත්තක් විතරයි.. 

 පෙම්වතා : නෑ මම ඔයාට කැමතියි, ඒ වගේම ආදරෙයි... පෙම්වතිය : ඔයා කැමති මම මෙහෙම ඔයාට ළං වෙලා ඉන්නවට නේද...? එහෙම ළඟින් ඉදන් ඔයාට ආදරෙන් කතා කරනවට නේද....? ඔයාගෙ තුරුලෙ ඉඳන් ඔයාට ඇහුම්කන් දෙනවට නේද....?

 පෙම්වතා : ඔව් පෙම්වතිය : ඒකනෙ මම කිව්වෙ.... ඔයාගෙ හිතේ තියෙන්නෙ ආදරයක් නෙවේ කැමැත්තක්....ඔයා කැමති මම ලඟ ඉද්දි ඔයාට දැනෙන හැඟීම් වලට, මට නෙවේ...., මෙතන මම වෙනුවට වෙන කෙනෙක් හිටියත් එයාටත් පුළුවන් ඒ හැඟීම ඔයාට දෙන්න...

 පෙම්වතා : නෑ බබෝ.... මම ඔයාට අදරෙයි.... 

 පෙම්වතිය : ම්ම්ම්ම් හරි... එහෙනං ඔයා ටිකකට ඇස් දෙක වහ ගන්නකො.... 

පෙම්වතා : ම්ම්ම්…. හරි... 

 පෙම්වතිය : එහෙනම් දැන් මම මේ කියන දේවල් ඔයා හිතින් මවා ගන්න ඕන හොඳද... 

පෙම්වතා : හරි… 

 පෙම්වතිය : තව අවුරුදු 10ක් ගියාට පස්සෙ ඔයාගෙ පෙනුම කොයි වගේ වෙයිද… ඔයා අඳින පළඳින විදිය කොයි වගේ වෙයිද හිතන්න... ඒ වෙද්දි ඔයාගෙ ජොබ් එක කොහෙම එකක් වෙයිද, ඔයා ඒ ජොබ් එකට යන එන විදිහ හිතන්න.... ඒ වෙද්දි ඔයා පාවිච්චි කරන වාහනය කොයි වගේ එකක් වෙයිද හිතන්න..... ඔයාගෙ ගේදොර වත්ත පිටිය කොයි වගේ වෙයිද… එතකොට ඔයාගෙ යාළුවො... දැන් ඉන්න ඔයාගෙ යාළුවො ඒ කාලෙදිත් ඔයාගෙ හොඳම යාළුවො වෙලා ඉන්න හැටි හිතන්න... පාටි වලදි, ට්‍රිප් යනකොට එයාලා එක්ක විනෝද වෙන හැටි හිතන්න... ඒ කාලෙ වෙද්දි ඔයාගෙ අම්මා තාත්තා සහෝදර සහෝදරියො කොයි වගේ ඉඳියිද, එයාලගෙ පෙනුම කොහොම වෙනස් වෙලා තියෙයිද හිතන්න... එතකොට ඔයාගෙ දරුවො.... ඔයාට දරුවො කී දෙනෙක් ඉඳියිද... ඔයාට නිවාඩු දවසවලට එයාලව පාර්ක් එකට ඒක්ක ගිහින් සෙල්ලම් කරන හැටි හිතන්න... ඔයා එයාලව වඩාගෙන හුරතල් කරන හැටි හිතන්න... හරි දැන් ඔයා ඔය හැම දේම ඔයාගෙ ඉදිරියෙ තියෙන හැටි හිතින් මවා ගන්න...

 පෙම්වතා : හරි 

පෙම්වතිය : ඔයා ඔය මවා ගත්ත දේවල් අතරෙ කොහෙ හරි තැනක මම හිටියද? නෑ නේද? 

 පෙම්වතා : නෑ... ඔයා හිටියා.... 

 පෙම්වතිය : කොහෙද? ඒත් මම ඔයාට මං ගැන හිතන්න මුකුත් කිව්වෙ නෑනෙ...

 පෙම්වතා : ඔයා මගෙ දරුවන්ගේ අම්මා වෙලා මේ වගේම මගේ ළඟ ඉඳන් දරුවො කරන හුරතල් වැඩ වලට හිනහ වෙවී හිටියා.....

සිතට දැනුන දුකට එකතු වුන කියාගන්න බැරි සතුට නිසා ඇස් වලට ආපු කඳුලු නවත්ගන්න ඇයට බැරි වුණා... එසැනින් පෙම්වතාගෙ ගෙල බදා ගත් ඇය ඇඬුම් අතරින් හෙමින් කිව්වා... 

 "මට සමාවෙන්න... මම ඔයා ගැන හිතුවා වැරදියි... ඔයා ගොඩක් හොඳ කෙනෙක්....මම ඔයාට ගොඩක් ආදරෙයි...."

Captured from Facebook 

අතීත ගෙත්තම්