හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Showing posts with label කවි කැටයම්. Show all posts
Showing posts with label කවි කැටයම්. Show all posts

Saturday, December 8, 2012

එය දැනෙන්නේ සිතට නෙතට නොව...




ඔහු සෙමින් සිනාසෙයි....
ඔහුගේ වැඩි කතා බහක් ද නොමැත
කිසිදා මා වැළද ගෙන නැත
මා සුරතල් කළ බවට මතකයක්ද නොමැත

ඉතින් මා සිතමි ...
ඔහු මට ආදරයක් නැත
ඔහුගේ කරුණාවක්ද නැත
ඔහු මහා රළු පරලු මිනිසෙක්.

ඉතින් මා නිවැරදිද?
මාගේ උපකල්පන පරිපූර්ණද?
මාගේ නිගමනයන් සර්ව සම්පුර්ණ ද?
නැත.

මා දැන් දනිමි
කදුළු සඟවා හැගුම් සිරකර
අපට ලෝකය තැනිමට වෙහෙසුණු
ඔබයි පියාණන් ශ්‍රේෂ්ඨ ..!



For My Loving Dad..
By :  Lucky (iljayas@gmail.com)




                                                                 -iljayas
  

Tuesday, December 4, 2012

ආදරේ









තනිකඩයන් ....විඳින
කොඩුකාරයන් ...විඳවන
පුරුදුකාරයන් ...හඬවන
මායාවක්.

Wednesday, April 18, 2012

--- පමාව ---



සිහින් දිගු නෙත් යුගල
අක් ඹමරු වන් කෙස් කළඹ
ශ්වේත ගණ ජවි වර්ණ
මන කැළඹි වත කමළ

කොහිද හිටිවන ගියේ ඒ රුව
මා නෙත් .... මා සිත් ....
සිව්දෙස පීරා සිව්දෙස විමසා...
සොයයි ඒ රුව... උමතුව...

නුඹ නුදුටු මා සිත...
නුඹ නොකියවු මා සිත...
කෙසේ නම් පහදම්ද ...
එහි හරය නුඹ හට

දැනුනි මට ... හැගුනි මට...
පමා වැඩි බව...එය පැහැදුමට...
නමුදු ම සිත.. නොමැත කිසිවිට
ළැදි ...එය පිළිගැනුමට ...


By: Lucky(iljayas@gmail.com)

Saturday, August 20, 2011

Euthanasia ට ලියූ කවි



මේ සසරේ ....
නුඹෙ දෑතේ ....
මා වෙලුනේ ....
සමු ගන්න නොවේ මෙසේ ....

නුඹ සසරේ ...
 නිති පැතු දේ ....
ලැබුණා නම් ...
මා සතුටේ .... මා සතුටේ ....

මා දුටු දේ ....
මා සිතු දේ ....
මේ ගමනේ ....
යලි හමුවේ .... යලි හමුවේ ....



ඹය දෑසේ ....
නුඹෙ කදුලේ ....
මා වැළපේ ....
මේ සිහිනේ ... මේ සිහිනේ ....

නුඹ රහසින් ....
මට රහසින් ....
ඹය දෑසින් ....
මට කිව් දේ ....
මට නොදැනේ .... මට නොහැඟේ ...

හඳ මඩලේ ...
ඒ රිද්මේ ...
මට දැනුනේ ...
නුඹෙ සෙනෙහේ ... නුඹෙ සෙනෙහේ ....




අතීත ගෙත්තම්