ඔහු සෙමින් සිනාසෙයි....
ඔහුගේ වැඩි කතා බහක් ද නොමැත
කිසිදා මා වැළද ගෙන නැත
මා සුරතල් කළ බවට මතකයක්ද නොමැත
ඉතින් මා සිතමි ...
ඔහු මට ආදරයක් නැත
ඔහුගේ කරුණාවක්ද නැත
ඔහු මහා රළු පරලු මිනිසෙක්.
ඉතින් මා නිවැරදිද?
මාගේ උපකල්පන පරිපූර්ණද?
මාගේ නිගමනයන් සර්ව සම්පුර්ණ ද?
නැත.
මා දැන් දනිමි
කදුළු සඟවා හැගුම් සිරකර
අපට ලෝකය තැනිමට වෙහෙසුණු
ඔබයි පියාණන් ශ්‍රේෂ්ඨ ..!
By : Lucky (iljayas@gmail.com)
-iljayas
