හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Friday, January 20, 2012

සාගරේ තරම් 1


                   



බටහිර  අහසේ හිරැ අවරට යන වෙලාවේ ඔහු තවමත් ඇය එනතුරැ බොගම්බර වැව් තාවුල්ලේ බන්කුවකට පිටදි කල්පනා සාගරයක ගිලෙමින් සිටියාය.


ඹහු නමින් නුවන් ය නුවන් විමුක්ති  සදරේක කිව්වොත් සම්පුර්ණය.ඹහුගේ ආදරවන්තිය මේධාය එහෙමත් නැත්නම් මේධා රාජසූරියයි ය.ඹහුගේ ආදරයට දැන් අවුරැදු 2ක් සම්පුර්ණ වෙන්න ඒනවාය.මේ ආදරය ඇරඹුනේ ඹහු පාසලේ උසස් පෙළ කරන අවදියේ දිය.ඹහු ගියේ රණබිමටය.ඇය එවිට සමාන්‍ය පෙළට ඉගෙන ගන්න පුංචි කෙල්ලකි.ඇය ගියේ නුවර උසස් බාලිකාවටය.

ආදරය හරි පුදුමය.ආදරය මුලින්ම ඇතිවු හදවත් වලින්ම ඒ ආදරය පැන ගිහින් වත්ද? නුවන්ට විටෙක සිතෙයි.මේ ආදර කතාවේ අ යනු ආ යනු ලිව්වේ ඇයයි.ඇගේ දැන් දැන් වෙනසක් පේන බව හද පතුලින්ම ආදරය කරන කරපු නුවන්ට නොතේරැනා කිව්වොත් බොරැ.සැබැ ආදරයෙදි එකිනෙකාගේ හදවතේ තියෙන දේවල් පවා තේරෙනවලු.

ඹහු ජිවිතයේ විදිය යුතු සියලු දුක් විද ඇත්තෙකි.ඒ ගැන ඹහුට කිසිදු ගැටලුවක් නැත.නමුත් ඇ මේ අසරණයාත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ඇයි දෙවියනේ.
අනේ දෙයියනේ ඇයි මම මේ පුංචි රෝස කැකුලකට ආදරය කරේ.ඹය වෙන කෙහෙල්මලකට ආදරය කරන්නේ නැතිව ඹහුට විටෙක මෙහෙමත් හිතෙයි.ඒත් ආදරය එහෙමය එකට තැනක් වෙලාවක් තරාතිරමක් නැතිය.හිත ගිය තැන මාලිගාවය කියන්නේ ඒ නිසාය.කොහොම වෙතත් මේ ආදරයට ලගදිම සමාප්තයි තිත තැබෙන බව ස්තිරය...

දිනෙක ඇය ඹහුට පණිවිඩයක් එව්වේය.
මම ක්ලාස් ඉවර වෙලා වැව ගාවට එනවා ඹයා අනිවාරයෙන් එන්න ...
මොකක්ද මේ වැදගත් කතාව ... අනේ කමක් නැ අදත් චාටර් වෙලා එන්න පුළුවන් ඹහේ යනවා මගේ රෝස කුමාරි අමතක කරන්නේ කොහොමද?

ඹහු එදාත් වැව ගාවට වි බලා සිටියාය.වෙනදා මෙන් අදත් ඹහු පලවෙනියාය.ඹහු කිසිම දේකට ප්‍රමාද නැත...

හම්මේ ...ඇති යන්තම් අදනම් එනවා “ ඇය දුරින් ආඩම්බර ලිලාවෙන් එනහැටි ඹහු දෙනෙත් නොපියවා බලා සිටියා.කෙල්ල ලස්සනය හුරැබුහුටිය ඒත් හරි සැරය මිරිස් කරල වගේය.

නුවන් මට ඹයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා .....
අනේ ඇය ආව ගමන්ම කාරනේට බැස්සාය ...අඩු තරමේ ඹයා ගොඩක් වෙලාද ඇවිල්ල කියල වත් ඇසුවේ නැත.ඹහුට සියුම් වේදනාවක් ඇතිවුණාය.නමුත් ඹහුට මෙය හුරැය.ඒ ඇගේ හැටියයි ඹහු සිත හදා ගත්තාය.

කියන්න මේධා....මොකක්ද මේච්චර වැදගත් කතාව බබා...

ඹහු සුපුරැදු ආදරෙන්ම ඇයට පැවසුවේය.ඇයගේ මුණ චුට්ටක් ඇබුල් වුනාද කොහෙද.

මම ඹයාට ආදරෙ කරන්නේ මම හිතන්නෙ දැන් අවුරැදු 2 විතර ඉදල මම හරිද...

හරි හරි බබා කියන්න ..මේ මාර්තු 16 ට හරියටම අවුරැදු දෙකයි.... නුවන් පැවසුවේය...

අනේ මට ඹය දවස් වලින් වැඩක් නැ නුවන් ... මම කියන්නේ මේ ආදරෙන් මට හම්බ වුණු දෙයක් නැ කියලා...

නුවන්ගේ හිත දැන් නම් කිරි ගැසිගෙන එනවාය....
                මා නෙතු නොහැඩුවාට ...
                මා සිත හඩයි මගේ මැණික ...

නුවන් ඇගේ මුහුණ දිහා වත් නොබලා වැව දිහා ඹහේ බලාගෙන උන්නා....

ඉතින් මම හිතුවා මේ සම්බන්දෙ නතර කරන්න.අපි නොතේරෙන කාලේ එක එක නොගැලපෙන දේවල් කරනවා තමයි.හැබැයි අපිට තේරෙන කොටත් ඒවා කරන එක ඹයාගෙ කාලෙටත් අපරාදේ මගේ කාලෙත් අපරාදේ ඒක නිසායි මම මෙහෙම කියන්නේ .. අනිත් එක ඹයත් හොදට ඒ ලෙවල් කරලා කැම්පස් යන්න තරම් ලකුණු තිබුණු ලමයෙක් නේ.ඒ නිසා මම කියන දේ තේරෙනවා ඇතිනේ.අනෙක අපේ ගෙදරින් නම් ඹයාට කියට වත් කැමති වෙන්නේ නම් නැ නුවන් ඒක නිසා අපි මේක නවත්වමු.

ඇය එක දිගට කියවගෙන ගියාය...

කියල ඉවරද බබා නැත්නම් තව තියෙනවද... ඹහු පරණ පුරැදු ආදර බර ස්වරයෙන්ම ඇයට පැවසුවා.ඒත් තවමත් ඹහු ඇය දිහා හැරි වත් බැලුවේ නැත.

ඇයට හරි පුදුමය..වෙන කොල්ලො කෙල්ල ආදරේ නවත්වමු කිව්වම කරන දේවල් ඇය ගොඩක් දැක ඇත.ඒ අතින් ඹහු හරි වෙනස් බව ඇයට තේරැණාය

මට කියන්න තියෙන්නේ එච්චරයි නුවන් ...ආ ...තව එකක් ...මම දුන්නු ලියුම් මගේ ෆොටෝස් අරව මේව තියෙනවනේ ඒ ටික මට ඹන හරිනේ..


මම දුන්න ඹය ප්‍රසන්ට් අරව මේව උස්සන් එන්න ඹන නෑ...

නුවන්ගේ නෙත් තවමත් වැව දෙසට හැරිගෙනය....

එහෙනම් මම යන්නද නුවන් ...

හොදයි මේධා...ඹයා කියපු හැම දෙයක්ම ලැබෙන්න සලස්වන්නම් ...
කවදද වෙඩින් එක බබා ... 


ඹහු කතාව දන්නවාය.ඇගේ දෙමව්පියන් ඇයව ඹවුන්ගේ ඥාති වන තරැණයෙකුට විවාහ කර දිමට යන බව ඹහුට කලින් ආරංචි වි තිබිණි.

ලබන මාසේ ... ක්වින්ස් එකේ ගන්නේ ....


 ඇය හරි උඩගු ලිලාවෙන් පැවසුවාය....

මේ කෙල්ලගේ අම්මලා තාත්තලාට නම් පිස්සුය ...ඇයි හත් දෙයියන් මේ පුංචි කෙල්ලව බන්දල දෙන්න යන්නේ තවම ඒ ලෙවල් වත් කරල ඉවර නැ...පව් නුවන්ට හිතුනේ එහෙම....

එහෙනම් මම යනවා ... ඹයා දැන් වත් මං දිහා බලන්නේ නැද්ද? ... මේ මම යන්න හදන්නේ නුවන් ...

ආදරය කියන්නේ හරි අමුතු දෙයක් මේධා... ඹයා මොනවද ආදරේ ගැන දන්නේ ....

යන්න මේධා ...ඹයට බුදු සරණයි .. යන තැනක හොදින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නුවන් කිව්වේ එච්චරයි ...

                නුඹ මගෙන් සමු අරන් යන්න හදයි ....
                තව ටිකක් නුඹෙ සුවද විදින්න අත්නම්...
                ඒත් ... නුඹ මා ලගින් යා යුතුමයි.....
       කුමරියේ අප ආයේ කිසිදා හමු නොවේවි ...
      නමුත් ඹය නෙතු මා හදේ රැදේවි  ...

ඹහු තවමත් වැව අසලය..යන්න හිතක් නැත... කිසිවෙක් ඹහුගේ හිත හඩන හැටි දන්නවා නම් ..දෙයියනේ ඇයි මේ අසරණයට මේ හැටි දුක් දෙන්නේ...

ඹහු එදා ඇයව අමතක කර ඇයට තිබුණු ආදරය හිතේ හිර කරගෙන ගෙදර ආවාය...


                                        *****

No comments:

Post a Comment

අතීත ගෙත්තම්