හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Monday, January 9, 2012

අම්මා අප්පලාගේ බූදලය ....

අතීත මතක ... 1




ඒ කාලෙ අපේ ගමේ මගේ සෙට් 1කේ හිටියා 6 දෙනෙක් මමයි සිංකෙයි සුරෙයායි බබුටයි ජුතෙයි බුලයි.මේ තියෙන්නේ උන්ගේ රියල්ම නම් ඒ කිව්වෙ උප්පැන්නේ ඒක නෙවෙයි.අපේ සෙට් 1 ගමේ අය ඉන්ට්‍රොඩියුස් කොරන්නේ වතු පාලුවො සෙට් 1 කියලා.අපි ඉස්කොලේ ඇරල ආව ගමන්ම සෙට් 1 සෙට් වෙලා 1 1 වැඩ කරනවා මම මේ කියන්න යන්නෙ ගුටි නොකා බේරිල ගත්ත ආතලයක් ගැන.අපි ඉතින් ගමේ බුලට් සමහර විට මේක අල වෙන්නත් පුලුවන්.


ගොඩක් අය දන්නවා ඇති තල් ගැන තල් කියන්නේ ආතල් කෑමක් කාල තියෙන බුලට් දන්නවා ඇති.හැබැයි පුතේ ඔවා නෙලා ගන්න වෙනම අමතර ගේමක් දෙන්න  න.මේක හින්දම ගහේ නගින එකාට වෙනම බුදු සැලකිල්ලක් හම්බවෙනවා බිම ඉන්න සෙට් එකෙන්.සාමාන්‍යෙයෙන් තල් ගහෙන් බිමට කපල දැම්මට පස්සේ ගහෙ නැගපු පොර බිමට බහිනකං තල් එක ගෙඩියක් වත් බිම ඉන්න උන් කන්නේ නෑ එහෙම 1 එක ලයින්ස් තිබුණා.


ය තල් කියන ඒවා හැම වත්තකම හැදෙන්නෙත් නැ හැදෙන්න දෙන්නෙත් නැ සාමාන්‍යෙයන් ගෙදර වත්තෙ නම් එහෙම තියෙන්නේ බොහොම කලාතුරකින්.අපේ ගමේ තල් තියෙන වතු 4ක් තියෙනවා.ඒවගෙන් 2 කට හරි අයිතිකාරයෙක් නෑ.ඉතිරි 2ටම අයිතිකාරයො හිටියා උං ගැන කතාකරල වැඩක් නෑ.අපේ බසෙන් කිව්වොත් අමු කුප්පයි කුන්නු (* කුණා කියල අපි කියන්නේ ලොබයට).උන්ට උන්ගෙ වත්තක් ලගින් ගියත් මල ජම්ප් වෙනවා.හැබැයි එහෙම කියල අපි වැඩේ අතහරින්නෙත් නැ.හැම අවුරැද්දෙම අපි  ය වතු 4ටම වැඩේ දෙන 1 දෙනවාය ආයේ 2ක් නැත.අපේ සෙට් 1 එක ඒතරම් ම වැඩ කාරයොය ඒගැන කියල වැඩක් නැත.


මේ සින් 1 වුණේ අපි ගමේ ඉන්න ලෝබම ලොබම උන්ගේ වත්තේ තල් කපන්න ගිහින්ය.
තල් කපන එක ලේසි නැ කියල මම ඉස්සේල්ලත් කිව්වා.ඒකට  න ආංපන්න 2ක් තියෙනවා.


  1. හොඳ උස උණ ගහක්
  2. හොදට කැපෙන පිහියක්
අපි මේ කරන්න යන්නේ කොටින්ම කිව්වොත් හොරකමක් හිතන්න බලන්න ටිකක් මහ දවල් උණ ගස් උස්සගෙන ගිහිල්ලා අනුන්ගෙ වත්තක මේවගේ ගේමක් දෙන්න කොච්චර ගටක්  නද? අහුවුනොත් රෙදි නැත.මෙකද අයිති කාරයො රෙදි ගලවනවාය.


ටිකක් හොද කමකට තිබුනේ අයිතිකාරයො හිටියේ වත්තේ ගොඩක් ඉහල අපේ පොට් 1 තියෙන්නේ පහල ටිකක් කැලැව වැවිලා.ඒ වුණාට සද්ද බද්ද එහෙම ලස්සනට ඇහෙනවාය.


ගහේ නගින එකාට වාරයක් ඇත.1 වත්තක නැග්ගට පස්සේ ඉතිරි වත්තේ ගස් නගින්නේ අනෙක් පොරය.අපේ සෙට් 1 කේ සුරෙයාට ගස් නගින්න බැරිය.උ පොඩි 1ය පොඩි කිව්වට අපේ වයසේය.


එදා වාරෙ තිබුණේ බූලටය.බුල 6 4 පොරකි හැබැයි මෙලොව රහක් නැත.උ බය කියන 1 උපතින්ම අරං ආව පොරකි.ඒ වුනත් වාරෙ මිස් කරන්න බැරිය.එහෙම උනොත් අපේ ටීම් ලිඩර් ජූතේගෙන් පනිෂ්මන්ට්ය.


න්න බුලා බැරි මරගාතේ ගහට නැග්ගාය.උනගහේ උඩටම නැග්ගාය.දැන් මේකා තල් ගෙඩි අතෙනුත් අලලනවාය.ඒමදිවට මේකා වෙව්ලනවාය.හනේ අම්මපල්ලා මෙහෙමත් සෙවලයෙක් දැන් මු කියනවා අඩේ මට බෑ බං අයියෝ බං බැ බං ය.


අපිට මලය මොනා කරන්නද ජූතේ කමාන්ඩ් 1 දුන්නාය.බැහැපං බිමට ඒ දවස්ල කුණු හරප අප දන්නේ නැත ඇත්තටමය.අප කුණුහරප දැනගත්තේ 10 දි ය.ඒ ඇම්ඩාගේ කතා වලිනි.ඒක හින්දා අපේ උං කුණු හරප පාවිච්චියක් නැත.


ජුතේ මට කමාන්ඩ් 1දුන්නාය රාජා උබ නැගපන් කිව්වා (මට කිව්ව එක නමක් තමයි රාජා නිකං රාජා නෙවෙයි සරං රාජාය ඒක වෙන කතාවක්ය ඉස්සරහට දාන්න හිතාගෙන ඉදිමි.)
මොනා කරන්නද ඊලග වාරෙ මගේ හිංදා මුකුත් කතා නැතිව මම වැඩේ පටංගත්තා.කියන්න බැරි වුණා ජුතෙට පස්සේ හොදම ගස් කප්පිත්තා මම කියල කියන්නේ බොහොම ආඩම්බරයෙන්.


මම ගහේ උඩටම නැග්ගා මම දන්නවා විදින්න වෙන කට්ට පණ යනවාය.හම යනවාය. ලේ එනවාය.හැබැයි තල් කනකොට සැපය. ක්කොම අමතකය.


තල් කපන්න පොල් කඩනවා වගේ ගහේ කරටියේ ඉදං බැරිය.ගහේ උඩටම යායුතුය.බුලට බැරිවුනේ  කය.
මමත් ටිකක් බයය නමුත් මම වැඩක් ලේසියන් අතහරින්නේ නැති බව මම දන්නවාය.කොහොමින් කොහොම හරි කටු ඇනගෙන ගහේ උඩටනැග ගහේ අතු හෙම සුද්ද කර තල් ටික කැපුවාය.කපල බිමට බැස්සාය.බැහැල දැන් ළුල බඩන නෙලන්න රෙඩි වෙනවාය.සාමානයයෙන් පල බඩට නෙලන්නේ අයිතිකාරයාගේ වත්ත ඇතුලෙම තියාගෙනය එහෙම නැත්තං ඒ අසලය.නැත්තං ගතියක් නැත.


න්න කන්න පුළුවන් උපරිම කාල පොඩි කයියක් එහෙම ගහලා යන්න පිටත්වුණා ඉතිරිවුණ තල් වලු ටිකත් කරෙ ගහගෙන.


අනේ  න්න පිංවතුනි,
මේ උපාසක මහතුන්ට පිං බර දේශනාවක් ඇහෙනවා බොහොම ආසන්නයෙන්...
දෙමව්පියන්ට නැදැ හිතමිතුරන්ට මල ගිය ඥාතින්ට පිං පමුණුවන සද්දෙ දැන් බොහොම ආසන්නයෙන්ම ඇහෙනවා...
යක්ෂ ප්‍රේත කුම්බාණ්ඩයෝන්ට ඹය පිරිත් සද්දෙ ඉවසන්න බෑ පිංවතුනි... මේ යක්ෂ කණ්ඩායමේ නායක යක්ෂයා ජුත් අනෙක් යක්ෂයන්ට අණ දෙනවා පිංවතුණි.යමව් යකුණේ වැඩ වරදින්නයි යන්නේ කියල.
මේක ඇහුව විතරයි මෙන්න පිංවතුණි මේ යක්කු තල් වලු දාල සිසිකඩ දුවන්න ගත්තා.....
ඒත් එක් නිර්බිත යක්ෂයෙක් මේ බණ දේෂනාවට බයවුණාට තල් වල්ල අතහැරියේ නැ පිංවතුනි...
අන්න යක්කු මේ නිර්හීත යක්ෂයා තමයි රාජා පරපුරේ අන්තිමයා ලකියා නොහොත් සරං රාජා...


බැලින්නම් මේ දේශනාව කරන්නේ උපාසක අම්ම කෙනෙක් බොලව් නේ .පාලි හාෂාවේ වචන සේරම ඉවර කරනවා මොණා කරන්නද කුම්බලා මාලු කෑවානම් විදවාපං බලලෝ කිව්වලු.උපාසක අම්ම මේ යකෂ කොල්ලො පස්සෙං එලවනවා පාලි දේශනා කර කර.යක්කු වඩෛ අතහැරියේ නැ උපාසක අම්මා වැඩේ තේරැම් ගත්තා මුං මට්ටු කරන්න වෙන්නේ නැ උන්දැ දැන් එක තැනකට වෙලා සොලෝක කියවන්න පටං ගත්තා “ උබලගේ අම්ම අප්පගේ බූදලයක්ද වේ.....පුතුනේ ..මේක තොපිට ඹන ඹන විදියට මේව කාබාසිනියා කොරන්න ඇ හු...පුතුනේ... රැප් 1 තව යනවාය ....අපට මග දිගට ඇසෙනවාය ...ඹව්ව අහ අහ හිටියොත් අපට වැඩේ වරදිනවාය මොකද ගැණි ගේ හැටි මෙහෙමය මිනිහා ආවානම් අපේ විලිවස්තරේ වත් ඉතිරි කොරන්නේ නැති බව ඇක්ස් පීරියන්ස් ඇත.


අපි හැතැප්මක් විතර ඹරේ රන්ය තවම උන්දැ ස්ලෝකෙ කියවන සද්දේ ඇහෙනවාය....


අපිට හිනාය ....ඇහෙන් කදුළුය....පපුවත් ගැහෙනවාය .... ඒ මදිවට ඇගේ පතේ තුවාලය...මොකද ඒ වත්තේ වැඩිපුර තිබ්බෙ මානං ය දන්නො දනිති මානං පදුරැ වලට හොදට කැපෙනවා කියලා...


කොහොම උනත් වැඩේ එලය... එලටම සිද්ද වුණාය...මොකද බැරිවෙලාවත් මම ගහේ ඉද්දි උපාසක අම්මා එක්ක උපාසක මහත්තයත් ආවනම් මම දන්නවා ජුතේ විතරක් ඉතිරිවෙලා අනෙක් උන් ඹරේ රන් බව... ජුතේ එහෙම පොරකි උ අපිට වඩා අවු 3ක් විතර වැඩිමල්ය.මැන්ස්ගේ ඒ ගති නිසාම ලිඩර් කම ඹටොම ලැබුණාය....


වැඩේ දැන් ගමටම ආරංචිය ...ඒ උනත් ගමේ උන් අපිට ආදරේය...මොකද ඊටත් වඩා අර කුනොත් එක්ක ගමේ උන් ඇයි හොදැයියක් නැත.ගමේ පොරවල්ලගෙත් දෝසාරොපනේ උන්ටය...


කොහොම හරි වැඩේ ඒලය සතියක් විතර කතා කරාය හිනාවුනාය අපේ ඉල නැතිය.....




කතාව නිමිය .... 



No comments:

Post a Comment

අතීත ගෙත්තම්