හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Friday, February 24, 2012

සාගරේ තරම් 2


සාගරේ තරම් 2



ඹහු එන විට ඹහුගෙ දුප්පත් සීය ඹහුටත් එක්ක බත් උයා සම්බෝලයක් අබරමිනුයි හිටියේ ..

.පව් සීය මං හින්දා මාරම දුකක් වින්දා..ඒක තාම ඉවර නැ දෙයියනේ මම කවදද මගේ සීයව මේ දුකින් නිදහස් කරන්නේ...

නුවන්ට හිටියේ සීය විතරයි.නුවන් ඉපදුනේ තාත්තගේ සෙනෙහස නැතිව.ඒ කියන්නේ ඉපදෙනකොට තාත්ත මේලෝකේ හැර ගිහිල්ලා.නුවන් ඉපදිලා මාස 3කින් විතර නුවන්ගේ අම්මත් එයාව දාලා ගිහිල්ලා.තාත්තා නැතිවුණු දුකට එයා ගොඩක්ම දුර්වල වෙලාලු ඉදලා තියෙන්නේ.

නුවන්ලගේ පවුල හරි ලොකු පවුලක්.නුවන්ගෙ තාත්ත හිටපු ආමි කමාන්ඩර් කෙනෙක්..අම්මා ගුරැවරියක් නුවන්ලගේ සියත් කිංග්ස්වුඩ් 1 හිටපු සංයුක්ත ගණිත ගුරැවරයෙක්.ඒත් දැන් මෙයාල දෙන්නා ගොඩක් අසරණ වෙලා.

නුවන් A/L වලට කරේ ගණිත විෂය ධාරාව.ඇත්ත කිව්වොත් නුවන් ක්ලාස් නම් ගියෙ නැ ඒ ලෙවල් වලට.ස්කෝලේ සර්ලගෙන් තමයි සම්පුර්ණයෙන්ම ඉගෙන ගත්තේ.

නුවන්ගේ වැඩි සෝබනයක් නැත.හැබැයි නුවන්ගේ ලස්සනට සම කරන්න පුළුවන් කොල්ලෙක් මුළු නුවරම හිටියේ නැ කිව්වොත් බොරැ නෙවෙයි.නුවන් හරියටම තාත්තගේ කපාපු පළුව කියල සිය කියනවා ඇහිලා තියෙනවා.

කොල්ලා මැත්ස් වලට නොදන්න ඒවා සියට ගෙනත් දෙනවා එතකොට සීය කියනවා පුතේ දැන් සිලබස් අලුත් නේ මට ඹවා තේරෙන්නේ නැ කියලා.නැ සියේ සියට පුළුවන් පොඩ්ඩක් කියවල බලන්න කෝ ....ඇත්ත තමයි සිලබස් අළුත් වුණාට තියරි පරණ ඒවාමය.සියා කොල්ලව මැත්ස් වලින් පිරෙව්වා...ඹය අතරේ කොල්ලගේ ආදරෙත් හරි හරියට ගියා...

කොහොම හරි කොල්ල ඒ ලෙවල් වලට A 3 යි.දිස්ත්‍රික්කෙ 12 වෙනියා.කොල්ලා තේරිලා තිබුණේ කොලඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයට.
දෙයියනේ ඒත් සීයට පුළුවන්ද මේ කොල්ලට ව්යදම් කරන්න.දහ අතේ කල්පනා කරලා කොල්ල තිරණයක් ගත්තා කැම්පස් යන්නේ නැ කියලා.සියටත් දුකයි.මොනවා කරන්නද මෙගොල්ලො අඩියටම වැටිලා හිටියේ.

මොනව කරන්නද කොල්ල ජිවිතේ ගොඩගන්න එක එක ඒවා කරා... නුවර මාකට් එකේ එලවළු පවා වික්කා.ඉංජිනේරැවෙක් වෙන්න හිටිය කොල්ලෙක් එළවළු විකුණනවා කියන්නේ දෙයියනේ මොනතරම් අපරාදයක්ද.එහෙම වුණත් ‍ඔහුගේ දෙයිවය ඒක වුණා.

අද ඔහු ඔහුගේ පණ තරම් ආදරය කරපු පුංච් රෝස කුමාරිත් එයාව දාලා ගිහින් ජිවිතේ ඹහොමලු.ඇතිදා සිනි නැතිදා ගොනි කියන්නේ ඔකටලුනේ....

කොල්ල තිරණයක් ගත්තා එක්කො හැදෙන්න නැත්නම් නැහෙන්න....

සීයේ අපේම කියල උදව්වක් ගන්න කවුරැත් නැද්ද කොහෙවත් ...

සීයට ඇඩුම් ආවා...මොනා කරන්නද දෙයියනේ.

එහෙමයි කියල කවුරැත් නැහැ මය පුතේ...

එතකොට සීයේ තාත්තගෙ පැත්තෙන්වත්...

තාත්තගෙ පැත්තෙ නම් කුරැණැගල නෑයො හිටියා උබලගේ තාත්තා නැතිවුනාට පස්ඉසේ ඒ සම්බන්ද කං ඉවරවුනා...හැබැයි මට මතක හැටියට උබට කියල එහෙ පොල් ඉඩම් කැල්ලකුයි තව පොඩි ඉඩමක් ලියල දුන්නා.මම ඒව මය පුතාට කියන්න ගියේ නැ...

කොල්ලට ඹන දේ දැන් ලැබි ඇත.ඹහුගේ අදහස නියමෙටම ඉෂ්ට කරගත හැකි විදියට සියා පිලිතුරක් දී ඇත.

සීයේ මං ඉතිරි කරගත්ත සල්ලි ටිකක් තියෙනවා මට හිතෙනවා මගේම කියලා පොඩි බිස්නස් එකක් කරන්න...සීයේ බැරිද අපිට මේවා දාල කුරැණැගල පැත්තෙ පොඩි කඩයක් පටන් ගන්න.සියගේ අකමැත්තක් නැත්නං විතරක්.
උබට පුළුවන්ද පුතේ ඹව කරන්න...සියා එසේ කිවද කොල්ලා අත ගැසුවොත් වැඩක් ඒක කිරිගහට ඇන්නා වගේ සාර්ථක වන බව සීයගේ යටි හිත දනියි.උබට පුළුවන්නම් මගේ අකමැත්තක් නැහැ මයේ පුතේ.මටත් දැන් මේ නුවරට වෙලා ඉදල ඇති වෙලා .
නුවන් පහුවදාම සියාද සමග කුරැණැගල යන්න පිටත් වුණා.10 ට විතර කුරැණැගලට ආව නුවන් ඉඩම් කඩම් බලන්න කලින් තමන්ගේ නැයො බලන්න ගියා.
වරදක් කියන්න බැරිය හොද මිනිස්සුය.තාත්තාගේ නංගි කෙනෙකු වන කෙනෙක් නුවන් දැක කදුළු පිරි දැසින් කොල්ලාව වැලදගෙන සිප ගත්තේය.සමහර විට තමන්ගේ අයියා මතක්වෙලා වෙන්න ඇති.
මයේ පුතේ උබ දැන්ද අපිව බලන්න එන්නේ ආ... ඇ සරදම් හඩින් කිවද එහි ආදරය මුසුවි තිබුනාය.
ඹවුන් ඹහුට හොදින් සැලකුවාය.නුවන් අහන්නත් කලින්ම නුවන්ගේ ඉඩකඩම් ගැන කතා කලාය.
පුතේ අර ඉස්සරහ තියෙන පොල් ඉඩම උබලගෙ තාත්තට ඒ කියන්නේ උබට අයිති එකක්.උබ කවද හරි එනකම් අපි ඒක නඩත්තු කරා.අද ඉදන් ඒක උබට බාර දෙනවා.
අනේ උන් හරි හොදය ...වෙන මිනිස්සු මෙන් ඇනකොටා ගන්න ආවේ නැත.
නුවන් නගරයේ මායිමේම තිබුණු ඉඩමද බැලිමට ගියේය.ඒක නම් ටිකක් වල් බිහිවි තිබිණි.නමුත් ඹහුගේ අරමුණට නියම තැනක් බව ඹහුට සුලු වෙලාවකින්ම තේරැම් ගියේය.

No comments:

Post a Comment

අතීත ගෙත්තම්