හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Thursday, May 24, 2012

සාගරේ තරම් 3




ඔහු ලංකා බැංකු ඉතුරැම් තැන්පතුවේ ඉතිරි කර තිබු මුදල් ගැනිමට අදහස් කරගෙන බැංකුව වෙත ගියාය.පොතේ ලක්ෂ 3හමාරක් විතර තිබෙනවා.කොල්ලා හොදට ඉතිරි කර තෙබෙයි.ඇත්තම කිව්වොත් මේවා ඉතිරි කරේ සියාය.නුවන් සියාට වියදමට දෙන සල්ලි සියා මාසේ පැන්ෂන් 1 ගන්න යන වාරයක් පාසාම කොල්ලාගේ පොතට දමයි.

නුවන් බැංකුවට ගොඩවුණු ගමන්ම දුටුවේ ඔහුගේ පාසලේ ඔහුට ඉහල පන්ති වල ඉගෙන ගත් සහොදරයෙකි.නුවන්  ගියගමන්ම  අර සොහොයුරා කතා කරාය.

ආ නුවන් මල්ලි එන්න එන්න...මොකද අද මේ පැත්තේ වෙනද ඉතින් සියනේ එන්නේ...

අනේ වරදක් කියන්න බැරිය කට පුරා හිනාවි කතා කරාය.වෙන මිනිස්සු ඔරවාගෙන ඉන්න මේ ලොකේ ආඩම්බරයක් නැතිව කතා කරපු එකම නුවන්ට හරි ප්‍රිතියක් වුණා.

අයියේ මම මේ ආවේ මගේ පොතේ තියෙනවා සල්ලි ටිකක් ඒටික ගන්න කියලා මම පොඩි බිස්නස් එකක් කරන්න කියල හිතන් ඉන්නේ.

දැන් කියක් විතරද ගන්න හදන්නේ මල්ලි...

පොතේ නම් 3 හමාරක් විතර තියෙනවා....මට 3ක් වත් ඔනවෙනව...

පසල් සහර්‍දයා ටිකක් වෙලා කල්පනා කර මල්ලිට බිස්නස් කරන කොට තව සල්ලි ඔන වෙනවා ඒක නිසා ඔය තැන්පතුව ඔහොමම තියන්න...අපි මල්ලිට අඩු පොලි ණයක් දෙන්නම් මල්ලිගේ වැඩේ කරගෙන යන්න.

ඒ වැඩෙත් නරක නැත.පසුවට මුදල් අවශය වනවාය ඔහුත්  ඊට එකග විය.ඔහු නුවන්ව කලමණාකරැටද හදුන්වා දුන්නේය..නුවන්ගේ   විස්තරද කිවේය.ඔවුන් එදිනම ඔහුට ණයට අවශ්‍ය  ‍ඇප්ලිකේෂන්ස් ටික  දුන්නේය.

කෙසේ හො සතියක් ඇතුලත ඔහුගේ වැඩය සාර්තක කරගැනිමට හැකිවිය.ඔහු එම මුදල්ද රැගෙන සීයාද සමග කුරැණැගල බලා පිටත්විය.

ඔහුට ඔහුගේ පියාගේ ඥාතින්ගේද සහයොගයද ඇතිව මාස 3ක් වැනි කෙටි කලක් තුල කුඩා ප්‍රමානයේ කඩකාමරයක් සාද ගැනිමට හැකිවිය.

කාලය ගතවිය ඔහුගේ සිල්ලර බඩු කඩය දැන් සරැය.කොල්ලා කඩය පිටිපස්සට වන්නට පොඩි කාමර 2ක්ද සාදවා ගත්තේය.ඒ සියාටත් ඔහුටත් නිදහසේ ඉන්න හිටින්නය.

එදා මේ දුප්පත් කොල්ලා හැර ගිය උගේ රෝස කැකුලි කොහේ ඇතිද? නුවන්ට මතක් නොවෙනවා නොවේ.කුළුදුලේ උපන් ප්‍රේමය කොහොම අමතක කරන්නද?.

කොල්ලා වැඩේ අතහැරියේ නැත.ඔහු කඩ කාමරය තව ටිකක් විශාල කළේය.කඩේ තව පිලිවෙලකට සැකසුවේය.දැන් නම් කඩය සුපිරිය.තනියෙන් කර ගන්න බැරි තරම් බිස්නස්ය.ඔහු අත් උදව්වට තව ගෝලයෙක්ද ගත්තේය.

කොල්ලගේ වාසනාවද? ධහිරිය? අත්ගුනේද? නැත්නම් උගේ හැකියාවද? සීයා මේ සියල්ල දිහා කදුළු පිරි දෙනෙතින් බලා සිටියි.මේවා සතුටු කදුළුය.

නුවන් දැන් කුරැණැගල හරි ප්‍රසිද්ධ චරිතයකි.මොකවත් හින්ද නෙවෙයි.මේ පුංචි කොල්ලා ලස්සනට පිලිවෙලට බිස්නස් එක කරන හැටි මිනිස්සු හරි ආසාවෙන් බලා සිටිති.අනේ මේ අසරණ කොල්ලට ඊර්ශ්‍යා කරන්න නම් කවුරැවත් හිටියේ නැති තරම්. උගේ 

No comments:

Post a Comment

අතීත ගෙත්තම්